බංග්ලාදේශ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි මූලස්ථානය වන BTV ගිනි තබා තිබෙනවා.

කලහකාරී විරෝධතාකරුවන් ජාතික රූපවාහිනිය පරිශ්‍රයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් ඇතුළු වී ඇති අතර එම ගොඩනැගිල්ල ගිනිගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් එම ගොඩනැඟිල්ල තුළ සිර වී තිබෙන බව සදහන්

ගින්නට කොටුවී ඇති පිරිස ගිනි නිවන හමුදා මැදිහත් වී බේරාගෙන ඇති බව වාර්තා වේ

විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන මෙම විරෝධතා මාලාව විරෝධතා මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකර තිබෙනවා.

මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 32 මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රජයේ රැකියා සඳහා ආන්දෝලනාත්මක කෝටා ක්‍රමයක් යළි ස්ථාපිත කිරීමට එරෙහිව මෙම විරෝධතා ආරම්භ වුණා.

මේ වන විට එරට සමාජ මාධ්‍යද සම්පූර්ණයෙන් අවහිර කිරීමටත් දුරකථන මාර්ග ද අක්‍රිය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ