අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් ක්ලබ් වසන්ත ඇතුළු අනෙක් පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු අද (22) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා

එම අවස්තාවේදී ටැටූ මධ්‍යස්ථානය හිමිකරුවන දුලාන් සංජය තමාට රහස් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන තම සේවාදායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා තිබුණා.

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කර ඇති අතර, එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතයි.