නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන එක්සත් ජනපද උප ජනාධිපතිනි කමලා හැරිස් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ හමුවී තිබෙනවා

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා කමලා හැරිස් අතර මෙම හමුව ධවල මන්දිරයේ සිදුව ඇති බව සදහන්

එහිදී කමලා හැරිස් දැඩි ස්වරයකින් අවදාරණය කර ඇත්තේ මෙය යුද්ධය අවසන් වීමට කාලය බවයි.

ගාසා තීරයේ සිදුවූ ජීවිත හානි පිළිබඳව තමාගේ බරපතල සැලකිල්ලක් ඇති බවත්, ඊශ්‍රායලය තම රට ආරක්ෂා කළ ආකාරය වැදගත් බවත් ඇය නෙතන්යාහු අගමැතිවරයාට පවසා තිබෙනවා.

පලස්තීන භූමියේ රාජ්‍ය දෙකක විසඳුමකට මාවතක අවශ්‍යතාවය ද ඇය මෙහිදී අගමැතිවරයාගේ අවදානයට යොමු කර තිබෙනවා.