හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා

ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

වෙඩි වැදිමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ත්‍රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරිමේදි වෙඩික්කරුවන් ත්‍රීරෝද රථයටද වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.

එහිදී ත්‍රිරෝද රථයේ රියදුරුට ද වෙඩි වැදී තිබෙනවා

කෙසේ වෙතත් ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර තිබු බව පොලීසිය සඳහන් කළා

වෙඩි වැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.