තුන්වන වරටත් වෙනිසියුලාවේ ජනාධිපති ධුරය හිමිකර ගැනීමට නිකොලස් මදුරෝ සමත් වී තිබෙනවා.

ඒ 51% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්

විපක්ෂයේ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් 44% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව අධිකාරිය ප්‍රකාශ කරන නමුත් විපක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ “සැමරීමට හේතු” ඇති බවත් ඡන්ද ගණන් කිරීම දිගටම නිරීක්ෂණය කරන ලෙස ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටි බවයි.

මැතිවරණ කවුන්සිලය විසින් මේ වන විට 80% ක ඡන්ද ගණන් කර ඇති අතර ජනාධිපති මදුරෝ 51.20% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත්තේ එම ප්‍රකාශයට පත් කරන ලද අර්ධ ප්‍රතිඵල වලට අනුවයි.

කෙසේ වෙතත් වෙනිසියුලානු විපක්ෂය, ඡන්ද ගණන් කිරීමේදී පුළුල් වංචාවක් සිදුවී ඇති බවට චෝදනා කර ඇති අතර ප්‍රතිඵලයට අභියෝග කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.