ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට තම සහය පළ කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ ජනපති රනිල් වික්‍රමසිංහ හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අතර අද (29) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාව සඳහා මහින්දාන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, එස්. බී දිසානායක ,ලොහාන් රත්වත්තේ,ගීතා කුමාරසිංහ සහ අලි සබ්‍රි ඇතුළු විශාල මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. තවද පොහොට්ටුවේ සහාය ලබාගැනීම සඳහා උත්සාහ කරන බව මන්ත්‍රීවරු එහිදී පවසා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්විමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සඳහා මන්ත්‍රීවරු පැමිණ සිට තිබෙන අතර මේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු ඇතුළු 70කට ආසන්න පිරිසක් සහභාගී වු බව පැවසේ.

මෙම සාකච්ඡාව පැයකට අධික කාලයක් කොළඔ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේදී පවත්වා ඇත.