වෙනිසියුලාවේ කරාකස් අගනුවර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා

ඒ මෙවර පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයගත් නිකලස් මදුරෝගේ ප්‍රතිඵල වංචා සහගත බවට චෝදනා කරමිනි.

වසර 11ක් පුරා එරට ජනාධිපති ධුරය දැරූ නිකලස් මදුරෝගේ ප්‍රතිවාදීයා වූ එඩ්මුන්දෝ ගොන්සාල්වේස් ප්‍රමුඛ සන්ධානය සියයට 70 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ඇතැයි පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්නුම් කර තිබීම මෙම තත්වයට බලපෑ ප්‍රධානම හේතුවයි

කෙසේ වෙතත් විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිරීමත් සමග විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබුණා

ලතින් ඇමරිකානු සහ බටහිර රටවල් ද එක්සත් ජතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ද එක් එක් ඡන්ද මධ්‍යස්ථාන වල ප්‍රතිඵල වෙන් වෙන් වශයෙන් නිකුත් කරන ලෙස වෙනිසියුලානු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා

නිකලස් මදුරෝ වෙනිසියුලානු ජනාධිපති වශයෙන් පිළි නොගන්නා ආර්ජන්ටිනාව, පේරු, චිලී ඇතුළු ලතින් අමෙරිකානු රටවල් 6ක සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් නැවතත් කැඳවීමට වෙනිසියුලාව පියවර ගෙන ඇති බවද සදහන්