මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල යළි අරගලයක් ඇතිවීමට බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන් හි කිසිදු පදනමක් නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියා

පෙර පැවති ජනතා අරගලය පිළිබදවත්, මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව දෙවැනි අරගලයක් ඇති වීමට ඉඩ ඇති බව සමාජය තුළ ඇති කතාබහ පිළිබදවත් මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයට ආරක්ෂක ලේකම්වරයා ලබාදුන්නේ මෙවන් පිළිතුරක්

“ඒ වෙලාවේ ඇති වුණ තත්ත්වය ඉතාම හදිසියේ ඇතිවුණ තත්ත්වයක්. නමුත් අපි සියලුදේ අධ්‍යයනය කළා ඇයි මෙහෙම වුණේ? කොහොම ද මෙහෙම වුණේ ? කවුද මේකට වගකිව යුත්තේ කියන හැමදේම හොයලා ඒවට අවශ්‍ය නිති පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ආවොත් පොලීසිය සැදී පැහැදි ඉන්නවා. පහුවෙලා හරි ආරක්ෂක අංශ විශාල මැදිහත්වීමක් කළ නිසා තමා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. නමුත් ඒ වෙද්දිත් විශාල හානියක් වෙලා තිබුණේ. කොහොම වුණත් නැවත එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නෑ.”