විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 87,000ක් ඉල්ලුම් කර ඇති අතර විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 43,000කට අධික බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් ඒ සඳහා යම් බාධා මතුව ඇති අතර, විශ්ව විද්‍යාල කිහිපයකින් ඒ සඳහා නිලධාරීන් පත් කිරීමට පියවර ගන්නා බවත් එම කොමිසම වැඩිදුරටත් පවසා සිටියා

කෙසේ නමුත් කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් සදහන් කළා