ඔට්ටමාවඩි ප්‍රදේශයේදී ගිනි අවි සහ පතොරම් සමග මවුලවිවරයෙක් සහ ඔහුගේ සහෝදරයාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊයේ (30) රාත්‍රියේ යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ටී-56 අවි දෙකක්, මැගසින් දෙකක් ,පතොරම් 60ක්, දුරදක්නයක් සහ කඩුවක් එහිදි හමුව තිබෙනවා

ඒ අනුව ගිනි අවි සහ පතොරම් සමග එම සැකකරුවන් අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා