පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට අද (31) රැස්වී තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ කණ්ඩායම ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහාය දැක්වීමට කැපවන බවට ප්‍රතිඥා දුන් බවයි.

116 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පිරිසකි.