කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ මහමොළකරුවෙක් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී හෙවත් සුජීව රුවන් කුමාර නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

කංජිපානි ඉම්රාන් බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද සදහන්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබුණි.

ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා