ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනය ඉරාන අධ්‍යාත්මික නායකයා විසින් දැඩිව විවේචනය කර තිබෙනවා

ඒ හේතුවෙන් හමාස් නායකයාගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබෙනවා

හදිසියේ රැස්වූ ඉරාන අධ්‍යාත්මික ජාතික ආරක්ෂණ කවුන්සිලයේදි මෙම නියෝගය ලබා දී තිබුණා

ඉස්මයිල් හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම තමන්ගේ වගකීමක් වන බව අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි මත පලකරනවා.

මෙවන් පසුබිමක සිය නායකයාගේ ඝාතනය මැද පෙරදිග යුද ගැටුම් වෙනත් දිශානතියකට යොමු කරනු ඇති බව හමාස් සංවිධානය පවසයි.

හනියේ ඝාතන සැලසුම පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව පවසන ඇමරිකාව අවධාරණය කරන්නේ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් සම්බන්ධයෙන් වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බවය.

කෙසේ නමුත් ඊශ්‍රායලය තමන්ට එල්ල වන චෝදනා පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත