ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර අද (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය තියුණු තරඟයකින් ප​සු ජය පරායෙන් තොරව අවසන් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනු​ව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයෙ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කිරිමට සමත් වූ අතර ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකු​ණු 56ක්ද සටන්කාමි ඉනිමක් ක්‍රීඩා කල දුනිත් වෙල්ලාලගේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 67ක්ද ලබා ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලක්කය​ක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47.5ක් තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 230ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවී​මක නිරත ​වූ නායක චරිත් අසලංක කඩුලු 3ක්ද, වනිදු හසරංග කඩුලු 3ක්ද දුනිත් වෙල්ලාලගෙ කඩුලු 2ක්ද ලබා ගැනීමට සමත් විය.

කෙසේ නමු​ත් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු සමවීමෙන් අවසන් වූ 45 වන තරගය ලෙස මෙය වාර්තා පොත් අතරට එක් විය.