ලෙබනනයේ සිටින විදේශිකයින් හට වහා එරටින් පිටවන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමාස් දේශපාලන ප්‍රධානී ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු මැදපෙරදිග ආතතීන් ඉහළ යන බැවින් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

පවතින තත්ත්වය හමුවේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් කිහිපයක් ම තම පුරවැසියන්ගෙන් ‘වහා ලෙබනනය හැර යන ලෙස’ ඉල්ලා ඇති බව සඳහන්.

සෙනසුරාදා (03) එක්සත් ජනපදය, කලාපයට අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා ගෙන යන බවට ප්‍රකාශයක් සිදුකළ අතර ලෙබනනයේ සිටින තම පුරවැසියන්ට “ලබා ගත හැකි ඕනෑම ප්‍රවේශ පත්‍රයකින්” පිටව යන ලෙස නිවේදනය කර තිබුණා.

එමෙන්ම එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය විසින් ද ලෙබනනයේ සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ “වාණිජ විකල්ප පවතින බැවින්” වහාම ඉවත්ව යන ලෙසයි.