යුරෝපයේ උසම ගිනි කන්ද වන එට්නා කන්ද මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ඉහළින් පුපුරා ගොස් තිබෙනවා

එලෙස  එට්නා ගිනි කන්ද පුපුරායන අයුරු දැක්වෙන වීඩියෝවක් BBC පුවත් සේවය පළ කර තිබෙනවා.

වසර හතරක විරාමයකින් පසු පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ මෙම ගිනිකඳී ක්‍රියාකාරකම් මෑත සතිවල තීව්‍ර වී ඇති බව සඳහන්.

විශාල අළු සහ දුමාර වලාකුළක් මේ ආශ්‍රිත පරිසරය වසාගෙන ඇති නිසා කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් සීමා කර ඇති බව වාර්තා වනවා.

ගුවන් නියමුවන් දෘශ්‍යතාව සමඟ අරගල කරන බැවින් ගුවන් ගමන් කිහිපයක් පලර්මෝ සහ කොමිසෝ වැනි ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව සඳහන්.