2024 පැරිසියේ මීටර් 100 කාන්තා ශූරතාව ශාන්ත ලුසියා හී 23 හැවිරිදි ජූලියන් ඇල්ෆ්‍රඩ් (Julien Alfred) හට හිමිවුණා

ඒ, තත්පර 10.72 ක නව වාර්තාවක් ද සමඟ ලොව වේගවත්ම කාන්තාව බවට පත්වෙමින්.

මෙම ජයග්‍රහණයත් සමග ඇය ශාන්ත ලුසියා හි පළමු ඔලිම්පික් පදක්කම්ලාභියා ලෙස ඉතිහාසගත වුණා.

ජූලියන් ඇල්ෆ්‍රඩ් මෙලෙස ලද ජයග්‍රහණය වඩාත් අර්ථවත් වන්නේ මෙතෙක් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු දැරූ ඇමරිකානු ලෝක ශූරිය වන ෂාකාරි රිචඩ්සන් ඇය හමුවේ පරාජය වීම නිසාවෙන්.

ඒ අනුව ඇමරිකානු ක්‍රීඩිකාව තත්පර 10.87ක කාලයකින් තරගය නිමාකරමින් රිදී පදක්කම දිනාගනු ලැබුවා

එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන් (10.92) ය.

ලොව වේගවත්ම කත වූවා පමණක් නොව, කැරිබියන් දූපත්වල ශාන්ත ලුසියා හි පළමු ඔලිම්පික් පදක්කම් ලාභිනිය යන ගෞරව නාමයත් ජූලියන් සතුවීම විශේෂයි

ජයග්‍රහණයෙන් අනතුරුව ජූලියන් ප්‍රකාශ කළේ තමන්ගේ මෙම ජයග්‍රහණය 2013 වසරේ දී අභාවප්‍රාප්ත වූ සිය පියා වෙනුවෙන් වන බවයි.

එමෙන්ම ජූලියන් ඇල්ෆ්‍රඩ් සඳහන් කර සිටියේ තමන් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන රජු උසේන් බෝල්ට්ගේ ආභාසය ඇතිව ඉදිරියට යන බවයි.

“උසේන් බෝල්ට් මෙච්චර පදක්කම් දිනලා තියෙනවා. මම අද උදේ ආපහු ගිහින් එයාගේ රේස් බැලුවා….”