දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයෙක් අතුරුදන් වීමේ සිදුවීමක් මුල් කරගනිමින් සේවකයින් රාජකාරී වලින් ඉවත්වී තිබෙනවා

ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නිසා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි