බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති පියවර ගෙන තිබෙනවා

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර ඇත්තේ සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කරන ලෙසයි

මේ අතර බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණි.

බංග්ලාදේශයේ විරෝධතාකරුවන් විසින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළා ගොස් සිටින ෂෙයික් හසීනා රැදී සිටි අග්‍රාමාත්‍ය නිල නිවසට සහ එරට පාර්ලිමේන්තුවට ද ඇතුළු වී දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා

එසේම බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත් ෂෙයික් හසීනා නැවත වරක් දේශපාලනය නොකරනු ඇති බව ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර තිබෙනවා