බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයද එරට දේශපාලනය බලාත්මක භාවය අනුව තීරණය කෙරෙන අතර මේ වන විට අගමැතිනි ශෙයික් හසීනාගේ විරුද්ධවාදීන් පැමිණ ක්‍රිකට් ආයතනයේ බලය අල්ලා ගෙන ඇත.

ෂෙයික් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර බංග්ලාදේශ ක්‍රිකට්ද ඇත්තේ අවිනිශ්චිත මට්ටමකයි.

මේ අනුව ඉදිරියේ එහි පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එහි පැවැත්වීම ගැටලුකාරි වීම නිසා එය බංග්ලදේශයේ නොපැවත්වීමට අයිසීසිය විසින් සැලසුම් කරන බවද වාර්තා වේ.