සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි

තරගාවලියේ ප්‍රථම තරගය පසුගිය 02 වැනිදා පැවැති අතර එම තරගය ලකුණු සමවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුණා.

දෙවැනි තරගය පසුගිය 04 වැනිදා පැවැති අතර එම තරගයෙන් ලකුණු 32ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම
සමත්වුණා

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වුවහොත් තරගාවලි ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන අතර, ඉන්දීය කණ්ඩායම ජයගතහොත් තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වනු ඇති.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් එය ශ්‍රී ලංකාව ලබන තෙවැනි තරගාවලි ජය ලෙස ඉතිහාසයට එක්වන අතර ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබන්නේ අවුරුදු 27කට පසුවීම ද විශේෂත්වයක්.