පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙකු අතර බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිගොස් ඇති බ​ව වාර්තා ​වේ.

එහිදී එක් සේවකයකු විසින් අනෙක් සේවකයාට පිහියකින් ඇනීමට උත්සාහ කර තිබෙන බව​ත් කේක් කෑල්ලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මෙසේ දුරදිග ගොස් ඇති බව​ත් ආරංචි මාර්ග පවස​යි,

බහින් බස්වීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකාට පහරදීමක් ද සිදු කරගෙන ඇති අතර පොලිසිය ඇතුළු පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ මැදිහත්වී ගැටුම සමථයකට පත් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට ලැබී ඇති පැමිණිලි මත පරීක්ෂණ ක්‍රියාත්ම​ක බව වාර්තා ​වේ