රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට යුක්රේන හමුදාව විසින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් එම ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රහාරකයින් හමුදා කලාපයට පැමිණීම වැලැක්වීම සදහා මෙම පියවරට එළඹී බව වැඩබලන ප්‍රාදේශීය ආණ්ඩුකාර ඇලෙක්සි ස්මිර්නොව් පවසා තිබෙනවා

අදාළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු මිය ගොස් 31 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඉන් හය දෙනෙකු ළමයින් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.