සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර පක්ෂයේ තීන්දුවට පටහැනිව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව නීත්‍යානූකුල බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කර තිබෙනවා.

සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ නඩුව කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබෙනවා