බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා තමුන්ගේ ආරක්ෂකයා කරගෙන එම ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි තත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇති බව ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ  පවසයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වී එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට උත්සහ දැරුවද එයද අසමත් වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ,

” රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට ඇවිත් උත්සහ කළේ එක්සත් ජාතික පක්ෂය හදන්න .මොකද ඉතිහාසයේ දැවැන්ත පක්ෂ විදිහට තිබුණ තමන්ගේ පක්ෂය රැකගන්න බැරිවුණ නායකයෙක් . රටක් හදන්න කලියෙන් තමුන්ට පුලුවන් වෙන්න එපයි තමුන්ගේ පක්ෂය හදන්න .ඒක උත්සහ කරාට රනිල් වික්‍රමසිංහ ඒකත් අසමත් .බැදුම්කර වංචාව මාකට් කරලා ඡන්ද ගත්ත පක්ෂය බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා තමුන්ගේ ආරක්ෂකයා කරගන්නවා. ඒ ලකුණෙන් ඡන්දෙට එන්න බැරි තත්වයට පත්වෙනවා .ඔන්න පොහොට්ටුවට වෙච්ච දේ.