ජනාධිපතිවරණය අවසන් වන තෙක් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහා මෙම පුරප්පාඩු මන්ත්‍රී ආසන පිරවීමට සජබය තීරණය කොට ඇති බවයි වාර්තා වන්නේ.