සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් විස්සයි විස්​ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊ​යේ (11) පැවැත්විය.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කිරීමට සමත් වු අතර එහිදී Gaby Lewis ලකුණු 39ක්ද, Orla Prendergast ලකුණු 29ක්ද, නායි​කා Laura Delany ලකුණු 25ක්ද ලබා ගැනිමට සමත්විය.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2ක් දවා ගත් අතර උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්දිකා කුමාරි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පැමිණි ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් තුල නියමිත ඉලක්කය පසු ක්‍රීමට සමත් වූ අතර එහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා ක​ල හර්ශිතා සමරවික්‍රම නොදැවි ලකුණු 86 ක් රැස් කිරිමට සමත්විය.