අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ​දී සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන්
ජාති​ක ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන්ද එක්ව සිටියා.