මෙවර ජනාධිපතිවරණය සදහා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හට සහය ලබා දීමට තීරණයක් ගෙන සිටිය බවත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාව යටතේ උතුරු නැගෙනහිරට පොලිස් බලතල ලබා දීම සහ ඉඩම් බලතල ලබා දීම පිළිබද නිසි පිළිතුරක් ජනපති රනිල් වික්‍රමසිංහ නොදුන් බැවින් මෙම තීරණය ගත් බව​ත් ශ්‍රී ලං​කා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්සකුට්ටිආරච්චි පවසා සිටියා

ඔහු මෙම අදහස් පලකළේ ඊයේ (11) දිනයේදී මාතලේ පැවති ජන හමුවකට එක්වෙමින්

මේ පිළිබද වැඩිදුර අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි

” අපි නාමල් මහත්තයා දාන්න හිටියේ නෑ. අපි දාන්න හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා .අපි කිව්වේ රනිල් මහත්තයා ඉල්ලන්න අපිත් එක්ක එකතුවෙලා කියලා .රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපේ පළවෙනි ඉල්ලීම යැව්වේ රටේ ඒකියත්වය ගැන . අපි ඇහුවේ 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පොලිස් බලත දෙනවද? ඉඩම් බලතල දෙනවද ? කියලා .” මට ඒක කියන්න බෑ කිව්ව ”

වරාය විකුණනනේ කොහොමද ? 99 අවුරුද්දයි කිසිම වැඩපිළිවෙලක් නෑ. විකුණලා ඩොලර් බිලියන 1.5ක් සාක්කුවේ දාගත්තා .දැන් ඔය කට්ටිය කියනවානේ මේ වෙලාවේ දිනන්නේ රනිල් ,රනිල් එක්ක තමා යන්න ඕන කියලා .අපි අහන්නේ කොහොමද රනිල් එක්ක යන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා හෙට පොලිස් බලතල දුන්නොතින් අපි මොකක්ද කරන්නේ ? කලිසම ඔලුවෙන් නවාගෙන තමා යන්න වෙන්නේ . අපි අහන්නේ කොහොමද රනිල් එක්ක යන්නෙ .දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද වෙද්දි මේකා රට ලියනවා.

කදවුරේ ඉන්න පාර්ලිමේන්තු ඔලුගෙඩි ගාණ ගණන් කරන්න එපා . උන්දැලා අරහෙට පනිනවා ,මෙහෙට පනිනවා ,වාසියට පනිනවා අවාසියට පනිනවා. සමහාර පුංචි උන් දන්නේ නැතුවත් පනිනවා “