ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ඒ හේතුවෙන් ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසට හැරෙන සතියක් වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය පරිදි විශේෂ ඒකාබද්ධ රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මේ බව පවසා ඇති අතර මෙම රැස්වීම් සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන අයද සහභාගී වි සිටි බවට වාර්තා වේ.