එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩයෙකු වන ග්‍රැහැම් තෝප් ගේ මරණය සියදිවි හානි කරගැනීමක් බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කර තිබෙනවා

ඔහු පසුගිය වසර කිහිපය තුළ දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු බව ද සඳහන්.

ග්‍රැහැම් තෝප් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100කට සහ එක්දින ජාත්‍යන්තර තරග 82කට ක්‍රීඩා කර තිබෙන​වා.

ඔහු මිය යනවිට 55 වැනි වියෙහි පසු වූ බව සඳහන්.