රට ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි වසර පහත් රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්‍යෙන්ම මේ රටේ නායකයා වියයුතු බව කොළඹ හිටපු නගරාධිපති රෝසී සේනානායක මහත්මිය පවසා සිටියා

පාරින්ද නුවර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලය විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වා සිටියා

“අපි වලෙන් ගොඩ ආවා විතරයි . එළියට ඇවිල්ලා හුස්ම ඇරියා විතරයි මහන්සියට . ඇත්තටම හරියටම ඔලුව උස්සලා ඉදිරියට යන්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිටිය යුතුයි .ඒ නිසා බුද්ධිමත් ලෙස හිතන්න.රැල්ලට අහුවෙලා අරයා කියනවාට මෙයා කියනවාට අපේ නෑ හිතමිතුරන් ඒ පැත්තේ ඉන්නවා මේ පැත්තේ ඉන්නවා කියලා හිතන්න එපා . ඊළග අවුරුදු පහට රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්‍යෙන්ම මේ රටේ නායකයා වියයුතුයි “