ඉන්දියාවේ කොල්කටා නගරයෙ 31 හැවිරිදි වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ සිදුවීමක් මුල්කර ගෙන එරට වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින් විරෝධතා ආරම්භ කර තිබෙනවා

ඝාතනය කෙරුණු වෛද්‍යවරියට යුක්තිය ඉටුකරන ලෙසත් අපරාධය පිළිබදව විමර්ශනය කිරීම ඉන්දීය මධ්‍යම විමර්ශනය කාර්යාංශයට භාරගන්නා ලෙසත් ඔවුන් ඉල්ලීම් කරයි.

එම සිදුවීම මුල්කරගෙන මේ වනවිට ඉන්දියාවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

මේ වන විට ඉන්දීය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සිය ගණනක් මෙම විරෝධතාවලට එක්ව සිටින අතර
කොල්කටා, ලක්නව්, චන්දිගර් සහ නව දිල්ලි නගරවලත් මෙම විරෝධතා ක්‍රියාත්මකයි

ඝාතනය කෙරුණු වෛද්‍යවරියගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පසුගිය 9 වැනිදා ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක් තුළ තිබියදීය.

ඊට පෙර දින රාත්‍රියේ දී ඇයව දූෂණය කර මරා දමා ඇති බව පැවසේ.

වෛද්‍ය විද්‍යාලයේ සේවය කළ ස්වේච්ඡා සේවකයෙකු සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම වෛද්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරිය ද ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි සඳහන්