ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ සඳහන් කරයි.

ඒ, අද (15) නාමයෝජනා භාර දීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග 2019 වසරේ භාවිතා කළ මැතිවරණ පත්‍රිකාවට සාපේක්ෂව සැලකිය යුතු වෙනසක් සිදු නොවන බවද ඇය සඳහන් කර ඇත.