මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගෑස් සිලින්ඩරය ලකුණින් ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අද (15) නාමයෝජනා භාර දෙන ලදි.

මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.