2024 ජනාධිපතිවරණයේදී මනාප ක්‍රමයේ විශේෂ වෙනසක් සිදුකර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ කතිර ලෙස නොව ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටින්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද ඔහු කියා සිටියා.

ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද ඔහු පවසා සිටියා .