ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහය පලකිරීමට එක්ව ඇති කණ්ඩායම 2020 මහමැතිවරණ ලැයිස්තුව නියෝජනය කර ඇති කණ්ඩායම නැතහොත් රාජපක්ෂ ආණ්ඩුවේ විනාශකාරි තත්වයන්ට වගකිව යුතු කන්ඩායමක් බැවින් ඔවුන් පිළිබදව රටේ ජනතාව අත්හදා බැලීම් සිදුකර ඇති නිසා දැන් වෙනසක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

එසේම රට පිළිබදව අවංකභාවයෙන් කටයුතු කරන ,දක්ෂ ,ආධුනික කණ්ඩායමක් මේ රට ගොඩනැගීමට අවශ්‍ය බවත් ඔහු පවසා සිටියා .

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන අනුර කුමාර දිසානායක

“ගිය අවුරුද්දේ එකට වෙඩින් එක අරගෙන මේ අවුරුද්දේ ආයේ වෙඩින් එකක් ගන්නවා. ඔය එකතු වුණ ඔක්කොම බලපුවාම 2020 මහමැතිවරණ ලැයිස්තුවේ හිටපු අය ,එහෙම නැත්තම් රාජපක්ෂ ආණ්ඩුවේ විනාශකාරි තත්වයන්ට වගකිවයුතු අය. ඒ නිසා මම හිතන්නේ ඒ අයගෙන් කිසිදු බලපෑමක් නෑ . ඔය උඩ ඔළුගෙඩි කොච්චර එකතු වුණත් ජනතාවගේ එකතුව තියෙන්නේ ජාතික ජනබලවේගය එක්ක .අත්හදාබැලීම් කෙසේ වෙතත් වෙනසක් කරන්න ඕන කාලේ .මොකද ජනාධිපතිවරයාත් ඔහු නියෝජනය කරන කදවුරත් ඇති තරමට මේ රටේ ජනතාව අත්හදා බලලා තියෙන්නේ .ඒ නිසා තවදුරටත් ඒගොල්ලොන්ට අත්හදා බලන්න ඕන නැති එක ඇත්ත. අවශ්‍ය වෙලා තියෙන්නේ පැරණි මූණු වලින් නෙවේ අලුත් මූණු වලින් මේ රට ගැන අවංකභාවයෙන් කටයුතු කරන ,දක්ෂ ,ආධුනික කණ්ඩායමක් අවශ්‍යයයි . ආන්න ඒ කණ්ඩායම තමයි ජාතික ජනබලවේගයේ ඉන්නේ “