ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, ඒ මහතාගේ මංගල ජනරැලිය අද (17) පස්වරු 04.00 ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම අද දිනයේදී එම පක්ෂය විසින් දකුණු පළාත තුළම තවත් ජන රැලි දෙකක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇති අතර ඉන් එක් රැලියක් පස්වරු 05.00ට මාතරදීත් අනෙක් රැලිය පස්වරු 06.00ට ගාල්ලේදීත් ආරම්භවීමට නියමිතව ඇත.

“රට අනුරට – රුහුණ පෙරට” මැයෙන් මෙම ජන රැලි සංවිධානය කර තිබේ.