පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබෙනවා.
පාස්කු ප්‍රහාරය ට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවයත්, තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරන ලෙසත් උන්වහන්සේ අවවාද අනුශාසනා සිදු කළ බව සඳහන්.
ඊට පිළිතුරු වශයෙන් “මෙම කරුණ සම්බන්ධයෙන් පරික්ෂණ කිරීමට අධිකරණමය ස්වාධීන කොම්ෂන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය පිලිගන්නා බව” නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා