ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාර තුළට අනවසරයෙන් ඇතුළුවීම පසුපස ඉරානය සිටින බව ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් තහවුරු කර තිබෙනවා.

නමුත් ඉරානය මෙලෙස ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කුමන අංශ වෙත ඇතුලු වී තිබේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි සඳහනක් නැහැ.

ඉරානය අමෙරිකානු මැතිවරණයට මැදිහත් වීමට තෝරාගෙන ඇත්තේ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගිය ඇති කිරීමට සහ විශ්වාසය බිඳ දැමීමට බව FBI සහ අනෙකුත් ෆෙඩරල් ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාෂ කර තිබෙනවා

ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ අභ්‍යන්තර පණිවිඩ හැක් කිරීම සම්බන්ධයෙන් ඉරානය බලපෑම් එල්ල කර ඇත්තේ පසුගිය අගෝස්තු 10 වනදා වන දා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ ඉරාන හැකර්වරුන් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ද ඉලක්ක කර ඇති බවට සැක කරන බවයි.