පසුගිය අගෝස්තු 12 වැනිදා ඉන්දියාවේ ඩේරාඩුන් හි අන්තර් රාජ්‍ය බස් පර්යන්තයේදී නව යොවුන් වියේ දැරියක්ව සමූහ දූෂණයට ලක් කළ පුවතක් වාර්තා වනවා

රජයේ බස් රථයක් තුළ එම දැරියව සමූහ දූෂණයට ලක් කළ බව සදහන්

මෙම සිදුවීම පසුගිය අගෝස්තු 12 සිදුවුවද ඒ පිළිබදව පොලීසිය දැනුවත් කර ඇත්තේ පසුගිය සෙනසුරාදායි.

සිදුවීම සම්බන්ධයෙන් සීසීටීවී කැමරා පරීක්‍ෂා කර බස් රථය හඳුනාගෙන සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විත්තිකරුවන් 32,57,52,38 සහ 34 යන වයස්වල පසුවන්නන් බව සදහන්

17 හැවිරිදි මෙම දැරිය තමන් බෙන්ගලූරුවේ වාසය කරන අනාත දැරියක් බව මුළදී පවසා ඇති නමුත්, පසුව ඇය උත්තර් පර්දේශ්හි වාසය කරන බවත් ඇයගේ දෙමව්පියන් ජීවත්ව සිටින බවත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී තිබෙනවා.

ඇය දිල්ලියේ සිට ඩේරාඩුන් වෙත පැමිණ ඇති අතර, එහිදී බස් පර්යන්තයේ රැඳී සිටියදී ඇය එහි පැමිණි බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මුළින් ඇයව දූෂණය කර ඇති අතර, පසුව වෙනත් බස් රථයක රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඇයව දූෂණය කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එහි සේවය කළ මුදල් අයකැමිවරයෙක් ද මෙම දැරියව දූෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.