ඊයේ (19) රාත්‍රියේ වීදි සංචාරය කළ ඇසල පෙරහැර නැරඹීමට ගොස් රැජින හෝටලයේ රනිල් වික්‍රමසිංහ රැඳී සිටි අතර එම ස්ථානයෙන් පෙරහැර ගමන් කිරීමේදී අලියෙකු කුලප්පු වී ඇති බව වාර්තා වේ.

මෙසේ කුලප්පු වී ඇත්තේ නාථ දේවාල පෙරහැරේ ගමන් කළ අලියෙකි. එම අලියාගේ නොසන්සුන්තාවයත් සමග පූර්ව ආරක්ෂක විධිවිධාන සකස් කර තිබූ ආකාරයට ආරක්ෂා සහිතව අලියා ඉන් ඉවත් කරගෙන ඇත.

ඒ වනවිටත් පෙරහැර දැක බලා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත දේශීය සැදැහැවතුන් පිරිසක් මෙන්ම විශාල විදේශ සංචාරක පිරිසක්ද පැමිණ සිටි බව වාර්තා වේ.

පොලිසිය සහ පෙරහැර සංවිධායක කමිටුව ක්ෂණිකව මැදිහත් වී නිසි පරිදි ක්‍රියාකිරීම පිළිබඳව ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇත.