රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මුළු දේශපාලනයම රැදී ඇත්තේ බිල්ලෙක් මැවීම මත බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක

“අනිත් අයගේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරණය බවට පත්වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් මේ පැත්තට පනින එක . ඒක අපේ රටේ අවලංගු ප්‍රචාරක මැතිවරණ වැඩක් .පොදු ජනතාවට එහෙට මෙහෙට පනින දේශපාලනය දැන් එපා වෙලා තියෙන්නේ . ඒකෙන් උත්සහ කරන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගාණ පෙන්නලා දිනන්න පුළුවන් කියලා. නමුත් අපේ මුළු මැතිවරණ ව්‍යාපාරයම වෙලා තියෙන්නෙ ජනතාව ඒකරාශි කරගන්න එක . අපේ ආණ්ඩුවෙන් පනින මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුුරය අහෝසි කරන්න තිබෙන නීතී අනිවාරෙන්ම ශක්තිමත් කරනවා

ඉස්සර අම්මලා ළමයින්ට කියනවා බිල්ලෙක් එනවා බත් කෑවේ නැත්තම් ඇවිත් ළමයි ගිලිනවා කියලා .රනිල් වික්‍රමසිංහත් ඒ වගේ බිල්ලෙක් මවනවා. රනිල් හිටියේ නැත්තම් ගෑස් නෑ. තෙල් නෑ, ආහාර නෑ .වෙන කවුරු හරි ආවොත් තෙල් නැති, ගෑස් නැති, ආහාර නැති රටක් හැදෙනවා කියලා. රනිල් වික්‍රමසිංහගේ මුළු දේශපාලනයම තියෙන්නේ බිල්ලෙක් හදන එක .

දැනට අපේ රටේ තියෙන්නෙ කැලෑ නීතිය . ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියනවා වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා .රනිල් වික්‍රමසිංහ කියනවා නෑ මම ඒක කරන්නේ නෑ කියලා, මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසිරුවා හැරියා ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි කිව්වා , චන්ද්‍රිකා කුමාරතුංග රජයේ දේපල තමන්ගේ හිතවතුන්ට පවරලා දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි කිව්වා .ඒ නිසා දැනටමත් කැලෑ නීතිය ඉටු කරන්නේ ඒගොල්ලෝ. අපි ඉතා පැහැදිලිව නිත්‍යානුකූලව ඉදිරියට යන වැඩ පිළිවෙලක් ගේනවා. කලින් කිව්වා ජාතික ජන බලවේගයට දිනන්න බෑ 3% තියෙන්නේ කියලා. දැන් කියනවා දින්නොත් මාර විනාසයක් වෙන්නේ කියලා . පළමුකොට සතුටුවෙනවා ඒ ගොල්ලෝ දැන් දිනනවා කියන තැනට ඇවිත් තියන නිසා “