අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා .

තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3ම, ලකුණු 10කදී දවා ගත්තේ අචිනි කෞශල්‍යා විසින්

අයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරිමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ලට චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවීක්‍රම ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගු අතර චමරි අතපත්තු ලකුණු 48 හා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කරගෙන සිටියා.

කෙසේ නමුත් දෙරට අතර අවසන් වූ පළමු තරග දෙකෙහිම ජය අයර්ලන්තය සතුවූ අතර, ඒ හේතුවෙන් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය ඔවුන්ට හිමි වුණා.

මෙම තරගාවලිය අයි.සී.සී. කාන්තා ශූරතාවලට සමගාමීව පැවැති හෙයින් මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 04වැනි ස්ථානය දක්වා පියවරකින් ඉදිරියට පැමිණීමට හැකිවුනා.