අද (21) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීම හේතුවෙන් බන්දුලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙලෙස පත්වීම ලැබුවා .

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වැනිදා තීන්දු කළා.

කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් හිස් වී ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වෙනත් අයෙකු පත් කිරීම පිළිබඳ සමගි ජන බලවේගය මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.