අවුරුදු 3ක් සහ 4 වයසේ පසුවන පෙරපාසල් දැරියන් දෙදෙනෙක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිදුවීමක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර් නගරයේ දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා

දැරියන් දෙදෙනා මෙලෙස අපයෝජනයට ලක්කර ඇත්තේ එම පෙර පාසල පවිත්‍ර කිරීමේ නිරත 23 හැවිරිදි කම්කරුවෙක් බව සදහන්.

අපයෝජනයට ලක්වූ දැරියන් දෙදෙනාගෙන් අයෙක් ඒ සම්බන්ධව තම දෙමාපියන්ට දන්වා ඇති අතර, ඉන් කෝපයට පත් දෙමාපියන් සහ ගම්වාසීන් පාසලට පැමිණ ඊට හානි කර තිබුණු අතර ප්‍රකෝපකාරී පිරිස් මැඬලීමට පොලිසිය මැදිහත්වූයේ ඔවුන් බද්ලාපූර් දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් .

කෙසේ නමුත් විරෝධතා මර්දනය කර දුම්රිය සේවා යථාවත් කිරීමට පසුව පොලීසිය සමත්ව තිබුණි.

සිද්ධියේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහි නීතිමය කටයුතු සිදුකරන බව ඉන් පසුව පොලීසිය තහවුරු කර තිබෙනවා