ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් සාමාන්‍ය කාඩ්බෝඩ් ප්‍රවේශ පත්‍රය වෙනුවට QR එකක් සමඟින් e-Ticket පතක් මඟීන් වෙත හඳුන්වා දී තිබෙනවා.

pravesha.lk වෙබ් අඩවිය හරහා ඉතාමත් පහසුවෙන් මෙම ඊ-ටිකට් පත් මිලදී ගැනීමට හැකියාව පවතියි

ඔබේ ගමන පිළිබඳ මූලික විස්තර වන ගමන් ආරම්භය, ගමනාන්තය (ප්‍රධාන දුම්රිය ස්ථාන ​හා දැනට සේවාව ක්‍රියාත්මක වේ), ටිකට් පත මිලදී ගන්නාවූ දිනය, මඟීන් සංඛ්‍යාව, ගමන් ගන්නා පන්තිය ආදී විස්තර ඇතුලත් කර එම දත්ත තහවුරු කර ගැනීමට හැකියි

ඉන් පසුව, අදාළ ගමන් ආරම්භය සහ ගමනාන්ථය, මඟීන් ගණන සහ පන්තිය යන කරුණු මත පදනම්ව දිස්වන මුදල ඔබගේ හර පත් හෝ ණය පත් හරහා ගෙවීම සිදු ක​ර එහි ඇති ටිකට් පත ලබා ගැනීමට බලාපොරොත්තු වන ආකාරය SMS හෝ Email වෙත ​ඊ-ටිකට් පත ගෙන්වා ගත හැකිය.