2024 වර්ෂයේ පැරා ඔලිම්පික් තරගාවලියේ T44 මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ප්‍රදීප් සංජය සමත්වුණා

2008 අවුරුද්දේ කිලිනොච්චි ප්‍රදේශයේ දී මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙන් වම් අතේ වැලමිටෙන් පහළ කොටස අප්‍රාණික වී තිබූ ප්‍රදීප් සංජය 2010 අවුරුද්දේ දී රෙජිමේන්තු තරගාවලිය වෙනුවෙන් සහභාගි වී තිබෙනවා.

ඒ අනුව චීනයේ තිබුණ ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඔහු එහිදී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කර තිබෙනවා.