තේ වගාව සඳහා රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

තේ සඳහා යොදා ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කර තිබෙනවා

T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05ක මිල මෙලෙස අඩු කර තිබෙනව.

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400ක් වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මෙම මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැළසීම සඳහා ලබා දීමට පියවර ගෙන ඇති බවය.

එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.