තම ප්‍රතිපත්ති සහ මහජනතාව එක්තු කරගනිමින් ජයග්‍රාහී මාවතක ගමන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (25) දිනයේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළකර සිටියා .

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහි මාවතක ඉන්නවා. හම්බන්තොට මගේ දිස්ත්‍රික්කයේ අපේ ග්‍රාමිය නායකයන් මුණගැහෙන්න මම අද උදේ ඉදලා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් කොට්ඨාසයට ගිහින් සාකච්චා කරනවා. හොද වැඩපිළිවෙලක් එක්ක ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් අපි කරන්නේ. අපේ ප්‍රතිපත්ති එක්ක ජනතාව ඉන්නවා. තරගය තියෙන්නේ වේදිකාවේ උනාට ජන්දය තියෙන්නේ ගමේ. මම ඉන්නේ ගමේ. වේදිකාවල තරග කරගන්න කට්ටිය මාධ්‍ය වල තරගකරගන්න කට්ටිය එකිනෙකා ඇනකොටා ගන්න එක කරපුදෙන් . මගේ ප්‍රතිපත්ති එක්ක මේ ජනතාව එක්ක අපේ ගමන අපි යනවා “